Saturday, July 2, 2016

හිලේ ඇම්ම නසාලන්න කැළේ ඇතුලට රිංගපු පාසල් ජෝඩු දෙකක කෙල්ලන්ට වෙච්චි දෙයක්

පාසල් සිසුවියන් දෙදෙනෙකු සමඟ කළුතර ප්‍රදේශයේ ලඳු කැලෑවක කාලය ගතකර සිසුවියන් දෙදෙනා තනිකර පලාගිය පාසල් පෙම්වතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කළුතර මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග නියෝග කළේය.

කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන පාසල් පෙම්වතුන් ජෝඩු දෙකක් පසුගිය 26 වෙනිදා අමතර පන්තිවලට සහභාගී වන බව නිවෙස්වලට දැනුම්දී කළුතර ප්‍රදේශයේ ලඳු කැලෑවකට වැදී ඇත.

හවස් වන තුරු මේ ජෝඩු දෙක ආපසු නොගොස් ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සොයාබලද්දී සිසුන් දෙදෙනා පලා ගොස් තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා හා සිසුවියන් දෙදෙනා දකුණු කළුතර පොලිසියට භාරදී ඇත. 15 හැවිරිදි සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇත. 16 හැවිරිදි සිසුන් දෙදෙනාට ශරීර ඇප නියම විය.

කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානිධිපතිනි පොලිස් පරික්ෂිකා සංජීවනී පතිරණ ඇතුළු නිලධාරීහු සිද්ධිය පිලිබඳ පරීක්ෂණ සිදුකළහ.